Go to pivisuma Go to sports page Exchange rates   Write to the editor Archive
 
 

නවක වදයට එරෙහිව ජාතික සම්මේලනයක්

ජන.10-නවක වදයට එරෙහිව ජාතික සම්මේලනයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පැවසීය.

පරිපාලන සේවයේ තරග විභාග ඉදිරි මාස දෙක ඇතුළත

ජන.10-පරිපාලන සේවයට බදවා ගැනීමේ තරග විභාග ඉදිරි මාස දෙක ඇතුළත පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ජ.වි.පෙ. ආධාරකරුවන් පිරිසකට ප්‍රහාරයක්

ජන.10-නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයේ දී තම ආධරකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වූ බව ජනතා විමුක්ති ‍පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ දීප්ත රාජපක්ෂ මහතා පැවසීය.

"රාජ්‍ය සේවය දියකර හැරීමට ඉඩ දෙන්නේ නැහැ" - ජනපති

ජන.09-රාජ්‍ය සේවය දියකර හැරීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර - ජනපති

ජන.10-සියලු රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 ක වැටුප් වැඩි කිරීමක් ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඉන්දියාවේ දී කථානායකට විරෝධයක්

ජන.10-ඉන්දියාවේ සංචාරයක නිරත කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා ඇතුළු පිරිසකට විරෝධයක් පළ වූ බව වාර්තා විය.

"ත්‍රස්තවාදය නැවත ඇති වීමට ඉඩ දෙන්න බැහැ" - ජනපති

ජන.10-එක්සේසත් කළ රට නැවත දෙකඩ කිරීමට හෝ රට තුළ නැවත ත්‍රස්තවාදය ඇති වීමට ඉඩදිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ත්‍රෛයිනිකායික මහානාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්

ජන.10-ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් තොරව ඉදිරි ජනාධිපතිවරණය පවත්වා සමස්ථ ලෝකයාටම ආදර්ශයක් ලබා දීමට ක්‍රියාකරන ලෙස සියලුම දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු ක්‍රියාකාරින්ගෙන් මෙන්ම ජනතාවගෙන් ද ත්‍රෛයිනිකායික මහානාහිමිවරු ඉල්ලා සිටිති.

වෙරළ ඛාදනය වැළැක්වීමට පියවර

ජන.09- වෙරළ ඛාදනය වැළැක්වීම සදහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

නුවර එළියට අධික ශීත කාලගුණයක්

ජන.09- නුවරඑළිය ප්‍රදේශයේ අධික ශීත කාලගුණයක් පවතින බව දිස්ත්‍රික් ලේකම් ජී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.

"ජනතා තීරණ බුද්ධිමත් විය යුතුයි" -ජනපති

ජන.09- මාතෘ භූමියට දෝහිකම් නොකර සියලු දෙනා එක්ව ජීවත්විය යුතු කාලය එලඹ ඇතැයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

උපවාසයේ නිරත රැදවියන් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ

ජන.09- උපවාසයේ නිරත යාපනය බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි,බන්ධනාගාර කොමසාරිස් ජනරල් මේජර් ජෙනරල් වී.ආර්.සිල්වා මහතා පැවසීය.

මැතිවරණ නීති උල්ලංඝනයන් 358ක්

ජන.09- දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබද පැමිණිලි 358 ක් පොලිසියට වාර්තා වී තිබේ.

සෝමවංශ අමරසිංහ මහ නාහිමිවරු බැහැ දකී

ජන.09-ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දුටුවේය.

අධි ආරක්ෂිත ප්‍රදේශවල පුද්ගලයින් නැවත පදිංචි කෙරේ

ජන.09- යාපනය අධි ආරක්ෂිත කලාපවල සිටි පුද්ගලයින් නැවත පදිංචි කිරිමේ කටයුතු ආරම්භ කර ඇතැයි, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය.

"යහ පාලනයක් ඇති කිරීම ප්‍රධාන අරමුණයි " - ෆොන්සේකා

ජන.09-ජනතාවගේ හෙට දවස සුරක්ෂිත කිරිම සදහා යහ පාලනයක් ඇති කිරිම ප්‍රමුඛ අරමුණ බව ජෙනරල් සරත් ෆොන්සේකා ඊයේ බේරුවල පැවති ජන රැළියක් අමතමින් පැවසීය.

රෝහල් කිහිපයක ඖෂධ හිගයක්

ජන.09- දිවයිනේ බො‍හෝ ප්‍රදේශයන්හි රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40 ක පමණ හිගයක් ඇතැයි, අනාවරණය වී තිබේ.

සැකසහිත ඡන්ද මධ්‍යස්ථාන වලට විශේෂ නිලධාරියෙක්

ජන.09- ප්‍රචණ්ඩ ක්‍රියා සහ ස්වාධීනත්වය පිළිබද සැක සහිත තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ නිලධාරියෙකු පත් කිරිමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය තවදුරටත්

ජන.09- නීති විරෝධී මැතිවරණ පෝස්ටර් සහ කටවුට් ඉවත් කර නොමැති බවට මැතිවරණ නිරික්ෂකයෝ චෝදනා කරති.

උඩරට දුම්රිය ධාවනයට බාධා

ජන.09-උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ දී ගලක් පෙරලීමෙන් දුම්රිය ධාවනය රඹුක්කන දක්වා සීමා කර තිබේ.

එම්.ටි.වි චැනල් පුද්ගලික සමාගමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ජන.08-යාපනය දිස්ත්‍රික්කය තුළ ශක්ති රූපවාහිනි විකාශනය සදහා ඇති අයිතිය ස්වාධින රූපවාහිනියට පවරා දීමට එරෙහිව එම්.ටි.වි චැනල් පුද්ගලික සමාගම අද අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

උතුරු දුම්රිය මාර්ග සංවර්ධනයට ගිවිසුමක් - දුම්රිය දෙපාර්තමේන්තුව

ජන.08-ඹ්මන්තේ සිට පලෙයි දක්වා උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිමට ඉන්දිය සමාගමක් සමග ගිවිසුමකට එළඹෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

නියෝජ්‍ය ඇමති පුත් යළිත් බන්ධනාගාරයට

ජන.08- නියෝජ්‍ය ඇමති ඩබ්ලිව්.බි. ඒකනායක මහතාගේ පුත් රසික ඒකනායක ජනවාරි 15 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

A-9 මාර්ගයට ඒකාබද්ධ බස් සේවයක්

ජන.08- A-9 මාර්ගයේ, ලංගම සහ පෞද්ගලික ඒකාබද්ධ බස් රථ සේවයක් ආරම්භ කිරීමට ජාතික ප්‍රවාහන කොමිසම සැලසුම් කර තිබේ.

පිළිකා මරණ ඉහළ නගී

ජන.08-මෙරට පිළිකා මරණ සංඛ්‍යව ඉහළ ගොස් ඇතැයි, ජාතික පිළිකා මර්දන ඒකකය පැවසීය.

ඉන්දියාවේ සංචාරය විමසිල්ලෙන්

ජන.08- ඉන්දියාවේ සංචාරය කිරීමේ දී විමසිලිමත් වන්නැයි, එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

ඉන්දියාවේ පවතින අධික ශීත කාලගුණය ඊට හේතු වී තිබේ.

අමිල හිමියෝ මුදා හැරෙති

ජන.08- පූජ්‍ය දඹර අමිල හිමියන් අද පෙරවරුවේ ඇප මත මුදා හැරුණි.

අවතැන්වු 169,851ක් නැවත පදිංචිකර අවසන්

ජන.08- උතුරේ අවතැන් වූවන් 169,851 දෙනෙකු නැවත පදිංචිකර අවසන් බව ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය පැවසීය.

බදු ආදායම වැඩි කිරීමට පියවර

ජන.08- ඉදිරි මාස 4 ඇතුළත මිලියන 100 ක දේශීය බදු ආදායමක් අපේක්ෂා කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරල් මහින්ද මැදගොඩ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රචාරක පුවරු ගලවන්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

ජන.08- ජනාධිපතිවරණයට අදාළ නීති විරෝධී කටවුට් ,පෝස්ටර් හා බැනර් ඉවත් කරගන්නා ලෙස පොලීසිය පක්ෂ ලේකම් වරුන්ට දැනුම් දී තිබේ.

බන්ධනාගාර කිහිපයක රැදවියන් උපවාසයක

ජන.08- කොළඹ මැගසින් හා ත්‍රිකුණාමලය බන්ධනාගාරවල රඳවා සිටින ත්‍රස්තවාදී සැකකරුවෝ උපවාසයක් ආරම්භ කරති.

"දරුවන් වෙනුවෙන් හොද අනාගතයක් ගොඩ නගනවා" -ජනපති

ජන.08- දිනූ නිදහස රැකගෙන දරුවන් වෙනුවෙන් වඩා හොද අනාගතයක් ගොඩ නැගීම තම අරමුණ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඡන්ද පත්‍රිකා බෙදා හැරීම හෙට සිට

ජන.07- 2010 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදා හැරීම හෙට ආරම්භ කිරීමට නියමිතය.

ලසන්ත ඝාතන නඩුව:සැකකරු තවදුරටත් රිමාන්ඩ්

ජන.07- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සැකකරු ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරීමට අධිකරණය අද නියෝග කළේය.

ගල්කිස්ස මහේස්ත්‍රාත් හර්ෂ සේතුංග මහතා ඉදිරියේ අදාළ නඩුව විභාගයට ගැනුණි.

ප්‍රභාකරන්ගේ පියා මිය යයි

ජන.07- එල්.ටී.ටි.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා වු තිරුවේන්ගඩම් වේලුපිල්ලේ මහතා මියගොස් තිබේ.

සෙල්ලසාමිගේ සහයත් ෆොන්සේකාට

ජන.07- නියෝජ්‍ය අමාත්‍ය එස්. සෙල්ලසාමි මහතා ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට
සහාය දැක්වීමට අද තීරණය කර තිබේ.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යයි

ජන.07- ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

"ජානාධිපතිවරණ නිරීක්ෂණයට එන්න බැහැ"-එජා සංවිධානය

ජන.07- ගුරු හා විදුහල්පති වැටුප් වැඩිකිරීමේ රජයේ තීරණයට ඇතැම් ගුරු සංගම් සිය විරෝධය පළ කළහ.

"සංවර්ධනයේ ප්‍රතිඵල ගමට ලැබෙන දිනය වැඩි ඈතක නොවේ"-ජනපති

ජන.07- ගුරු හා විදුහල්පති වැටුප් වැඩිකිරීමේ රජයේ තීරණයට ඇතැම් ගුරු සංගම් සිය විරෝධය පළ කළහ.

නොගැළපෙන වැටුප් වර්ධකය 'ෆොන්සේකා බෝනස් 'එකක් - ගුරු සංගම්

ජන.07- ගුරු හා විදුහල්පති වැටුප් වැඩිකිරීමේ රජයේ තීරණයට ඇතැම් ගුරු සංගම් සිය විරෝධය පළ කළහ.

නීති විරෝධි ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පියවර

ජන.07- සියලුම නීති විරෝධී ජනාධිපතිවරණ ප්‍රචාරක පුවරු සහ පෝස්ටර් අද පස්වරු හයට
පෙර ඉවත් කළ යතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය.

ෆොන්සේකා ගැන පාර්ලිමේන්තුවේ කතා බහ
ජන.06- ‌ෙජනරල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ යැයි කියන අවි ගනුදෙනුවක් පිළිබද ඊයේ පාර්ලිමේන්තුවේ දි විවිධ කරුණු ඉදිරිපත් විය.

ලාංකික ධීවරයින් 124ක් නිදහස්

ජන.06- ඉන්දිය අත්අඩංගුවේ සිටි ශ්‍රි ලාංකික ධිවරයෝ 124 දෙනෙක් නිදහස ලැබූහ.

A-9 මාර්ගය විසිහතර පැයේ ව්වෘතයි

ජන.06- අද මධ්‍යම රාත්‍රියේ සිට A-9 මාර්ගය පැය 24 පුරා විවෘතව තැබීමට තීරණය කර තිබේ.

දෙමළ ජාතික සන්ධාන සහය ෆොන්සේකාට

ජන.06- ජනාධිපතිවරණයේ දී ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට සහය දීමට තිරණය කළ බව දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් ප්‍රකාශ කළේය.

පාසල් නොලද දරුවන් වෙනුවෙන් අභියාචනා කැදවීම

ජන.06- ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 වැනි ශ්‍රේණිය සදහා පාසල් නොලද දරුවන් වෙනුවෙන් ලබන මස 12 වැනිදා දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

හිමිනමකගේ අභිරහස් අපවත්වීමක්

ජන.06- සීදූව, සුබෝධාරාම විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත්වීම සම්බන්ධයෙන් සීදූව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

රජයේ පුහුණු සේවකයින් පෞද්ගලික රෝහල්වලට

ජන.06- පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල සේවක පුරප්පාඩු සදහා රජයේ පුහුණුව ලැබූ සේවකයින් යෙදවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝන ඉහළ යයි

ජන.06- ජනාධිපතිවරණය ආශ්‍රිත මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබද සිද්ධීන් 232 ක් වාර්තා වී ඇතැයි, පොලිසිය පැවසීය.

තැපැල් ඡන්දය ලබන 12,13

ජන.06- 2010 ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද භාවිත කිරීම සදහා රාජ්‍ය සේවකයෝ 401,118ක් සුදුසුකම් ලබති. ප්‍රතික්ෂේප වි ඇති අයදුම්පත් සංඛ්‍යාව සංඛ්‍යාව 57,036කි.

ෆොන්සේකාගේ ආධාරකරුවන් පිරිසකට ප්‍රහාරයක්

ජන.06- ජනාධිපතිවරණ අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකාට සහාය දැක්වීම සදහා අම්පාරේ පැවැති රැළියකට සහභාගි වි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථ දෙකකට උහන නගරයේ දී ප්‍රහාරයක් එල්ල වීය.

නවක වදයට එරෙහිව ජාතික සම්මේලනයක්
පරිපාලන සේවයේ තරග විභාග ඉදිරි මාස දෙක ඇතුළත
ජ.වි.පෙ. ආධාරකරුවන් පිරිසකට ප්‍රහාරයක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර - ජනපති
ඉන්දියාවේ දී කථානායකට විරෝධයක්
"ත්‍රස්තවාදය නැවත ඇති වීමට ඉඩ දෙන්න බැහැ" - ජනපති
තෛනිකායික මහානාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්
වෙරළ ඛාදනය වැළැක්වීමට පියවර
නුවර එළියට අධික ශීත කාලගුණයක්
"ජනතා තීරණ බුද්ධිමත් විය යුතුයි" -ජනපති
ශිවගීතාගේ සහයත් ෆොන්සේකාට

ජන.09-ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකාට සහය පළ කිරීමට මඩකලපුව නගරාධිපතිනි ශිවගීතා ප්‍රභාකරන් මහත්මිය තීරණය කොට තිබේ.

Go to pivisuma Go to sports page Exchange rates   Horoscope  Write to the editor Archive
 
Privacy Statment